Thursday, February 25, 2016

ළමුන් සඳහා ආනාපාන සති භාවනාව

දිනපතා උදේ හවස සහ
මනස කැළඹුණු අවස්ථාවල
ආනාපාන සති භාවනාව වැඩීමට
දරුවා හුරු කරන්න.
.

Practice Session (10 mins - audio only)

ආනාපාන සතිය වැඩීමෙන්
දරුවාට සිත දමනයට අවශ්‍ය
හැකියාවන් දෙකක් වර්ධනය වෙයි.
1,
සිත වෙනත් අරමුණු කරා යන බව දැකීම.
2,
වෙනත් අරමුණකට ගිය සිත
නැවත තමාට අවශ්‍ය අරමුණට
රැගෙන ඒමට ඇති හැකියාව.


 ළමුන් ආනාපාන සති වැඩිය යුත්තේ ඇයි?

ආනාපාන සති භාවනාව වැඩීම මගින්
ළමුන්ගේ මනස තැන්පත්ව හා සන්සුන්ව තබා ගන්නටත්
සිත එක අරමුණක තබා ගන්නටත් ඔවුන් හුරු වෙයි.
සෑම මොහොතකම ඔබ සමග පවතින 
ස්වාභාවික හුස්ම
ඔබේ භාවනා අරමුණයි.
හුස්ම ඇතුල් වන විට හා හුස්ම පිටවන විට
ඒ දැනීම පිළිබඳව සිහිය පවත්වා ගැනීම නිසා
මනස සන්සුන්වේ. තැන්පත් වෙයි. නිවෙයි.
ඔබට සිදුවන එකම බාධාව නම්
නිතරම වෙනත් කිසියම් දෙයක් ඔබේ අවධානයට ලක් වීමයි.
කිසියම් ශබ්දයක්... 
දණහිසේ වේදනාවක්...

එහෙත් හැමවිටම වාගේ බාධාව ඔබේ මනසමයි..
මනස පිරී ඇත්තේ නිශ්ඵල දෙයිනි.
වඳුරෙකු මෙන් තැන තැන පනින මනස
පාලනය කිරීම ඉතා අසීරුය.



ඔබේ මනස පාලනය කරගන්නා අයුරු ඉගෙනීමට
ප්‍රමාණවත් කාලයක්, සුදුසු ස්ථානයක් සහ
මගපෙන්වීමක් අවශ්‍යය.

ප්‍රමාණවත් පුහුණුවක් ලැබීමෙන් පසු
අයහපත් සිතුවිලි ඉවත් කොට යහපත් සිතුවිලි
මනසට එක් කර ගැනීමට ඔබට හැකිවෙයි.



-------------------------------------------------------------------------------------
සිත එක අරමුණක තබාගැනීමට ඇති හැකියාව
පාසල් සිසු දරුවන්ට අත්‍යාවශ්‍යය.


ආනාපාන සති පුහුණුව නිසා
මනස සමාහිත කරගන්නට හුරුවෙන
පාසල් සිසු සිසුවියන්ගේ සිතේ සන්සුන් බව, පැහැදිලි බව, ඍජු බව,
තමා පිළිබඳ සිහිය ආදී ගුණාංග වර්ධනය වෙයි.
කෝපයක් හෝ බියක් ඇති වෙන විට
ආනාපාන සතියෙන් ක්‍රියා කිරීම නිසා
අවස්ථානෝචිතව සන්සුන් මනසකින් ක්‍රියා කරන්නට
දරුවා හුරුවෙයි.

දරුවා  ශක්තිමත්, සන්සුන් මනසින් ක්‍රියා කරන විට
අධ්‍යාපනයෙහි, විභාග වලදී, පාසලෙහි සහ පවුලෙහි ගැටළු වලට
වඩාත් හොඳ සහ නිවැරදි විසඳුම් සොයාගත හැකි වෙයි.
නිරන්තර ආනාපාන සති පුහුණුව නිසා
ආත්ම විශ්වාසයෙන් යුතුව හැඩ ගැසෙන දරුවා
සමාජය දෙසට තියන ආරම්භක පියවර කිහිපය
නිවැරදිව තබන්නට හුරුවෙයි.
.
ආනාපාන සති භාවනාව
එදිනෙදා ජීවිතයට එක් කරගන්නට
සිසු දරුවන් පුහුණු කිරීම සඳහා සකස් කරන ලද
ආනාපානසති  පුහුණු පාඨමාලාව
ලොව පුරාම පැවැත්වෙන අතර
සමහර රටවල් වල රජයෙන්ද අනුමත කොට ඇත.

.
ඉන්දියාවේ මහාරාශ්ඨ්‍ර ප්‍රාන්ත රජය විසින්
පාසල් සිසු දරුවන් 250 ලක්ෂයකට සහ ගුරුවරුන් ලක්ෂය
කට
ආනාපාන සති භාවනාව පුහුණු කරමින් පවත්වාගෙන යන
මිත්‍ර උපක්‍රම වැඩ සටහන 

ඉන් එකකි.
.
පාසල් ළමයින්ගේ අවධානය නිරවුල් කරගැනීමත් සිත එකඟකරගැනීමත් සඳහා 
උපකාරයක් වශයෙන්  භාවනාව ප්‍රගුණ කිරීම 
බ්‍රිතාන්‍ය පාසල් කාලසටහනට ඇතුළත් කිරීම අරඹා ඇත.

.
ශ්‍රී ලංකාවේද
විශේෂයෙන් පුහුණු කරන ලද ළමා පාඨමාලා ගුරුවරුන් මගින්
 

පාසල් වල පිරිවෙන් වල දහම් පාසල් වල මෙන්ම
වෙනත් ස්ථානවල මේ පාඨමාලාව පවත්වා ඇත. 

.
කොස්ගම සහ අනුරාධපුර විපස්සනා භාවනා මධ්‍යස්ථාන දෙකෙහි
සෑම පෝය දිනකම
පෙරවරු 8 සිට පස්වරු 2 දක්වා
වයස 8-12 සහ 13-18 වයස් වල සිසු දරුවන්ට
ආනාපාන සති පාඨමාලා පැවැත්වේ.
ඔබේ පාසලේ හෝ දහම් පාසලේ ළමුන් සඳහා
 එක් දින ආනාපාන සති පාඨමාලාවක් පැවැත්වීම සඳහා
මේ මධ්‍යස්ථාන වලින් විමසන්න..

.
ධම්ම සෝභා විපස්සනා භාවනා මධ්‍යස්ථානය
බාලිකා විද්‍යාල පාර, පහළ කොස්ගම, කොස්ගම
Email: info@sobha.dhamma.org
Phone: [94] (36) 225-3955
.

  ධම්ම අනුරාධ විපස්සනා භාවනා මධ්‍යස්ථානය

ඉච්චන්කුලම වැව පාර, කැලැත්තෑව, කුරුන්දන්කුලම, අනුරාධපුර
Phone: [025] 222 6959
.
ධම්ම කූඨ විපස්සනා භාවනා මධ්‍යස්ථානය
මෝබ්‍රේ, මහකන්ද, හිඳගල, පේරාදෙනිය, මහනුවර
Phone: [94](081) 2385774; (081) 3837800, 
Fax: [94](081) 238-5774
.

 
2014 12 02
 
 ---------------------------------------------------------------------------
2013 මැයි 21වන දින
නාච්චාදූව සිංහල මහා විද්‍යාලයේ පැවති
ළමා ආනාපාන සති භාවනා පාඨමාලාව.
 








.

බටහිර ඉන්දියාවේ මහාරාශ්ට්‍ර ප්‍රාන්ත රජය විසින් ආරම්භ කරන ලද
පාසල් සිසු සිසුවියන් දශ ලක්ෂ 25කට සහ ගුරුවරුන් ලක්ෂයකට
ආනාපාන සති භාවනාව ඉගැන්වීමේ
මිත්‍ර උපක්‍රම ඓතිහාසික වැඩසටහනෙහි අරමුණ වන්නේ
ඔවුන් වඩාත් හොඳ මිනිසුන් සහ හොඳ පුරවැසියන් බවට පත් කිරීමය.

MITRA (Mind In Training for Right Awareness) වචනයෙහි
මරාති භාෂාවෙනුත් මිතුරා යන අදහස ඇත.
මිත්‍ර උපක්‍රම මෙවැනි ආකාරයේ 
මිනිස් සම්පත් සංවර්ධනයෙහි විශාලතම වැඩ සටහනයි.
2014 අගෝස්තු වන විට මහාරාශ්ට්‍ර ප්‍රාන්තයෙහි 
විපස්සනා මධ්‍යස්ථාන 24ක් පිහිටුවා තිබිණ..

පාසල් දරුවෙකුගේ පැනය
වංචනික නොවී
අප මේ තරඟකාරී ලොව ජයගන්නේ කෙසේද?

.

ප්‍රධාන විපස්සනා ආචාර්ය එස් එන් ගොයෙන්කා තුමා
පාසල් දරුවෙකුගේ පැනයට පිළිතුරු දෙයි.

= යහපත්, තෘප්තිමත් ජීවිතයක පදනම වන්නේ  
වංචනික වීමට නිදහසට කරුණු නොසෙවීමය.
ඔබ කරන වැරදි වලට හේතුවක් මෙන් පෙනෙන දෙයක් සොයාගන්නට ඔබට හැකිය.
අන් සියලු දෙනා වැරදි කරමින් වේගයෙන් දියුණු වෙන නිසා ඔබත් එසේම කළ යුතු යැයි
ඔබ වැරදි සිතිවිල්ලක් ඇති කරගනු ඇත.
එසේ නොකළොත් ඔබ අතරමග තනි වෙතැයි ඔබ සිතනු ඇත.

එවැනි සිතුවිලි ඇතිවන්නේ මනසෙහි දුර්වලතාවයක් නිසා බව තේරුම් ගන්න.
පළමුව ආනාපාන සති සහ දෙවනුව විපස්සනා වැඩීමෙන්
මනස ශක්තිමත් වෙන ප්‍රමාණය නිසා
ඔබ දුරින් හෝ වංචනික, හානිකර ක්‍රියාවන්හි යෙදීමට හෝ
කූට උපක්‍රම භාවිතා කිරීමට නොසිතනු ඇත..
අවංක ලෙස සාර්ථක වීමට ඔබට හැකියාව ඇති අතර
ඔබ සාර්ථක වීමද සහතිකය.

අනික් අතට ධනවත්, ප්‍රසිද්ධ කෙනෙකු නොවුණත්
අවංක පුද්ගලයා තෘප්තිමත්ය. කාරුණිකය.
සැබැවින්ම ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන උතුම් කෙනෙකි.

ඔබ මෙතරම් ලාබාල වියේදී ආනාපාන සති ඉගෙන ගන්නේ
කිසිදු දෙයක් උදෙසා ඔබ වැරදි පාරක නොයනු සඳහාය.
 නිවැරදි අරමුණක් සඳහා හෝ වැරදි ක්‍රම භාවිතා නොකරන්න.

ධාර්මික ඉලක්කයකට ළඟාවන්නට
ධාර්මික මාර්ගයම උපයෝගී කරගන්න.
ආනාපාන සති වැඩීමෙන් අවංකව සාර්ථක වන්නට
ඔබට ශක්තිය ලැබෙනු ඇත.


No comments:

Post a Comment