Friday, August 22, 2014

විපස්සනා ආචාර්ය පරපුර



බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිට 
පරපුරෙන් පරපුරට 
මෙම අගනා ධම්ම රත්නය 
ඉතා පිවිතුරු ආකාරයෙන් රැකගෙන ආ  
ආචාර්ය පරම්පරාවට 
ගොඑන්කාජීගේ සහ එතුමාගේ සහායක ගුරුවරුන්ගේ 
සහ විපස්සනා සිසුන්ගේ කෘතවේදිත්වය හිමි වේ. 
මෙම පිවිතුරු විපස්සනා භාවනා ක‍්‍රමය 
ශතවර්ෂ ගණනාවක් තිස්සේ රැකගෙන ආ 
භික්ෂු ආචාර්යයන් වහන්සේලාගේ නම් 
අප නොදන්නා නමුත් 
මෙම ශ්‍රේෂ්ඨ සම්ප‍්‍රදායයේ 
මෑත යුගයේ ගිහි ධර්මාචාර්යවරුන් සහ 
ඔවුන්ට ඉගැන්වීම සඳහා බලය පැවරූ 
ගුරුවරයෙකු මෙන්ම විද්වතෙකු ද වන 
භික්ෂූන් වහන්සේ නමක් ගැන අපි දනිමු.
ආචාර්ය පරපුර

ලේඩි සයාඩෝ

 
සයා තේජී


සයාජී ඌ බා ඛින් (1899-1971)
පහත පළවන ලිපිය විපස්සනා පර්යේෂණ ආයතනය මගින් පළ කරන ලද
ඌ බා ඛිං සඟරාවෙන් උපුටා ගෙන සකස් කරන ලද්දකි.

සයාජී ඌ බා ඛින් බුරුම දේශයේ රැංගුන් නුවරදී 1899 මාර්තු මස 6 වැනි දින උපත ලැබීය. ඔහු කම්කරු ජනයා වාසය කරන දිස්ත‍්‍රික්කයක දරුවන් දෙදෙනෙකුගෙන් යුත් සාමාන්‍ය පවුලක දෙවැන්නා විය. ඔහු හොඳ මතක ශක්තියක් ඇති දක්ෂ ශිෂ්‍යයෙක් විය. ඉංග‍්‍රීසි ව්‍යාකරණ පොත මුල සිට අග දක්වා ඔහු කට පාඩම් කරගෙන තිබුණි. 1917 ඔහු උසස් පෙළ අවසන් පරීක්ෂණයෙන් සමත් වූයේ රන් පදක්කමක් සහ විශ්ව විද්‍යාලීය ශිෂ්‍යත්වයක් ද දිනා ගනිමිනි. එනමුත් පවුලේ බලපෑම නිසා ඔහු අධ්‍යාපනය අතරමග නවතා දමා මුදල් ඉපයීමට පටන් ගත්තේය. ඔහුගේ පළමු රැකියාව වූයේ සන් නමැති බුරුම පුවත් පත් සේවයයි. නමුත් ටික කලකට පසුව බුරුම රජයේ ගණකාධිකාරි ජෙනරාල් කාර්යාලයේ ගිණුම් අංශයේ ලිපිකරුවෙකු ලෙස සේවය කරන්නට ලැබුණි. 1937 දී බුරුමය, ඉන්දියාවෙන් වෙන් කළ අවස්ථාවේ දී, ඔහුව ප‍්‍රථම විශේෂ කාර්යාල පරීක්ෂක ලෙස පත් කරන ලදී.

සයාජී භාවනා කිරීම සඳහා පළමු වතාවට උත්සාහයක් දැරුවේ 1937 ජනවාරි 1 වැනිදාය. ධනවත් ගොවියෙකු මෙන්ම භාවනා ගුරුවරයෙකු ද වූ සයා තේජී ගේ ශිෂ්‍යයෙක් ඌ බා ඛිං හමු වීමට පැමිණි අවස්ථාවක දී ආනාපාන සති භාවනාව එතුමාට විස්තර කර දුන්නේය. එය වැඩීමට පටන් ගත් අවස්ථාවේදී සිතේ ඒකාග‍්‍රතාවය ඇති වූ නිසා එතුමාට ඒ පිළිබඳව ලොකු ප‍්‍රසාදයක් ඇති වී සම්පූර්ණ පාඨමාලාවක් කිරීමට තීරණය කළේය.  සතියකට පසුව දින දහයක් සඳහා නිවාඩුවක් ඉල්ලූම් කළ එතුමා සයා තේජීගේ භාවනා මධ්‍යස්ථානය බලා පිටත් විය. එදින රාත‍්‍රියේදීම ඌ බා ඛිං සහ ලේඩි සයාඩෝ නාහිමිපාණන්ගේ  බුරුම ජාතික ශිෂ්‍යයෙක් සයාතේ ජී තුමාගෙන්් ආනාපාන උපදෙස් ලැබූහ. මේ සිසුන් දෙදෙනා ඉතා ඉක්මනින් ප‍්‍රගතියක් ලැබූ නිසා පසු දිනම විපස්සනා උපදෙස් ද ලැබූහ. මෙම පළමු දස දින පාඨමාලාවේ දී සයා ජී විශාල ප‍්‍රගතියක් ලැඇබුවේය. විටින් විට තම ගුරුතුමාගේ මධ්‍යස්ථානයට පැමිණ දිගටම භාවනා  කිරීමෙන් ද, සයාතේ ජී තුමා රැන්ගුන් නුවරට පැමිණි සෑම අවස්ථාවලදී එතුමා හමුවී සාකච්ඡුා කිරීමෙන් ද තම භාවනාව දිගටම පවත්වා ගෙන ගියේය.

සයාජී ගේ රාජ්‍ය සේවය තවත් වසර 26 ක් දක්වා පැවතුණි. බුරුමයට නිදහස ලැබූ දින එනම් 1948 ජනවාරි 4 වැනිදා එතුමා ගණකාධිකාරි ජෙනරාල්වරයා ලෙස පත් විය. ඊළඟ දශක දෙක තුළදී එතුමා විවිධාකාර මට්ටමින් රාජ්‍ය සේවයේ යෙදුනි. බොහෝ අවස්ථාවලදී තනතුරු දෙකක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් දරන්නට සිදු විය. ඒ සෑම තනතුරක්ම දෙපාර්තමේන්තු ප‍්‍රධානියා හා සමාන විය. එක් අවස්ථාවකදී තුන් වසරක් දක්වා දෙපාර්තමේන්තු තුනක ප‍්‍රධානියා ලෙස සේවය කළේය. තවත් එක් අවස්ථාවකදී වසරක පමණ කාලයක් දක්වා දෙපාර්තමේන්තු හතරක ප‍්‍රධානියා ලෙස කටයුතු කළේය. 1956 වසරේදී එතුමාව කෘෂිකාර්මික අලෙවි මණ්ඩලයේ සභාපති පදිවියට පත් කළ අවස්ථාවේදී බුරුම රජය විසින් එරට උසස්ම සම්මානය වන ත්‍රේ සීතු නම්බු නාමය පිරිනමන ලදී. සයාජී ගේ ජීවිතයේ අවසන් සිවු වසර පමණක් හුදෙක් විපස්සනා භාවනාව ඉගැන්වීම සඳහා ගත විය. සෙසු කාලය භාවනාව පිළිබඳ තම හැකියාවන් හා රාජ්‍ය සේවය වෙනුවෙන් තිබූ තම කැපවීම  සම්බන්ධ කර ගෙන කටයුතු කළේය.

ගිහියන්ට, විශේෂයෙන් කාර්ය මණ්ඩලයට භාවනාව ඉගෙනීම සඳහා එතුමා විසින් 1950 දී ගණකාධිකාරි ජෙනරාල් කාර්යාලයේ විපස්සනා සංගමය පිහිටුවනු ලැබීය. 1952 දී ?න්ගුන් නුවර සුප‍්‍රසිද්ධ ස්වේදගොන් චෛත්‍යයෙන් සැතපුම් දෙකක් උතුරට වෙන්න ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය විවෘත කරන ලදී. මෙහිදී සයාජීගෙන් ධම්ම උපදෙස් ලබා ගැනීමට බුරුම මෙන්ම විදේශික සිසුන් බොහෝ දෙනෙකුට වාසනාව උදාවිය.

1954-56 වසරවලදී බුරුමයේ රැන්ගුන් නුවර පවත්වන ලද සය වන සංගායනාව සැළසුම් කිරීමේ දී සයාජී විශාල කාර්යභාරයක් දැරීය.1950 දී සයාජී සංවිධාන දෙකක ආරම්භක සාමාජිකයෙක් විය. පසුව මෙම සංවිධාන දෙක බුරුම සමූහාණ්ඩුවේ බුද්ධ ශාසන මණ්ඩලය යනුවෙන් එක් සංවිධානයක් බවට පත් විය. සය වන සංගායනාවේ ප‍්‍රධාන සැළසුම් කරු වූවේ මෙම මණ්ඩලයයි. ඌ බා ඛිං තුමා බුද්ධ ශාසන මණ්ඩලයේ විධායක සාමාජිකයෙකු විය. එතුමා පටිපත්ති කමිටුවේ සභාපති වූ අතර බුද්ධ ශාසන මණ්ඩලයේ ගරු ගිණුම් පරීක්ෂක ද විය. පරිපාලන ගොඩනැගිලි, නේවාසික ගොඩනැගිලි, මුලූතැන් ගෙයක් සහ භෝජනාගාරයක් රෝහලක් පුස්තකාලයක් කෞතුකාගාරයක් සහ ලැගුම්හල් හතරක් ඇතුලත් අක්කර 170 ක පමණ භූමි භාගයක ගොඩනැගිලි ඉදිකිරීමේ වැඩ සටහනක් තිබුණි. මෙම ව්‍යාපාරයේ ප‍්‍රධාන අරමුණ වූයේ මහා පාෂාණ ගුහාවයි. ත‍්‍රිපිටකය සජඣායනා කිරීමට සහ එය සංශෝධනය කර ප‍්‍රකාශණය කිරීම සඳහා බුරුම, ශ‍්‍රී ලංකා, තායිලන්ත, ඉන්දියා, කාම්බෝජ, සහ ලා ඕස් රටවලින් පැමිණි පන් දහසක් පමණ භික්ෂූන් වහන්සේලා රැුස්වූයේ මෙම ගල් ගුහාවේ පිහිටි විශාල ශාලාව තුළය. භික්ෂූන් වහන්සේලා කණ්ඩායම් වශයෙන් ර්‍අස්වී බුරුම ශ‍්‍රී ලංකා තායි සහ කාම්බෝජ ත‍්‍රීපිටක සංස්කරණයන් සහ ලන්ඩන් නුවර පාලි ත‍්‍රිපිටක සංගමය මගින් රෝම අකුරින් ප‍්‍රකාශිත සංස්කරණය සංසන්දනය කරමින් මුද්‍රණය සඳහා සූදානම් කළහ. සංශෝධනය කර සම්මත කර ගත් ග‍්‍රන්ථ මහා ගුහාව තුළදී සජ්ඣායනා කරන ලදී. ගිහි ස්ත‍්‍රී පුරුෂයින් දස දහසකටත් පසළොස් දහසකටත් අතර ප‍්‍රමාණයක්  භික්ෂූන් වහන්සේලාගේ මෙම සජ්ඣායනයට සවන් දීමට පැමිණියහ. 1967 දක්වා සයාජී බුද්ධ ශාසන මණ්ඩලයේ විවිධ තනතුරු දරමින් ක‍්‍රීයාකාරිකයකු ලෙස  කටයුතු කළේය.
මේ අයුරින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප‍්‍රචාරය කිරීමට එතුමාගේ වගකීම් සහ හැකියාවන් ගිහියෙකු ලෙසත් රාජ්‍ය නිලධාරියෙකු ලෙසත් උපයෝගී විය. ප‍්‍රධාන මහජන සේවයට අමතරව එතුමා තම මධ්‍යස්ථානයෙහි දී භාවනා ඉගැන්වීම ද කරගෙන ගියේය. 1967 දී එතුමා අවසාන වශයෙන් තම විශිෂ්ඨ රාජ්‍ය සේවයෙන් විශ‍්‍රාම ගත්තේය. එතැන් සිට එතුමා 1971 ජනවාරි මාසයේ දී අභාවප‍්‍රාප්ත වන තෙක්ම විපස්සනා භාවනා උගන්වමින් ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ වාසය කළේය.

රාජ්‍ය සේවය සඳහා එතුමාගෙන් ඉටුවීමට රාජකාරිවල තිබූ දැඩි අවශ්‍යතාවය නිසා සයාජීට හැකි වූයේ සිසුන් ඉතා ස්වල්ප පිරිසකට ඉගැන්වීමට පමණි. එතුමාගේ බුරුම සිසුන් බොහෝ දෙනෙක් රාජ්‍ය සේවයට සම්බන්ධ අය වූහ.

 
 එස්. එන්. ගොඑන්කා තුමා

ඉන්දීය සිසුන් බොහෝ දෙනෙකු විපස්සනා සඳහා යොමු කරනු ලැබුවේ ගොඑන්කාතුමා විසිනි. ඉංගී‍්‍රසි භාෂාව පිළිබඳ මනා දැනුමක් තිබූ විපස්සනා ගුරුවරුන් එවකට නොසිටි නිසා සය වන සංගායනාවට සහභාගි වීමට පැමිණි සමහරු සිසුහු විපස්සනා උපදෙස් ලබා ගැනීම සඳහා සයාජී වෙත යොමු කරනු ලැබූහ. ඌ බා ඛිං තුමාගේ විදේශීය සිසුන් සුළු පිරිසක් වුවද විවිධ කොටස්වලට අයත් වූහ. ඔවුන් අතර රැන්ගුන් නුවර විදේශිය තානාපති සේවයට අයත් අයද, ප‍්‍රධාන පෙළේ බටහිර බෞද්ධයන් ද, විද්වතුන් ද සිටියහ. බුරුමයේ සිටි විදේශිකයන් සඳහා බුද්ධ ධර්මය පිළිබඳව දේශනා පැවැත්වීම සඳහා විටින් විට සයාජීට ආරාධනා ලැබුණි. මෙම දේශනා කුඩා පොත් ලෙස ප‍්‍රකාශයට පත් කරන ලදී. ඒවා අතර බුද්ධාගම යනු කුමක් ද? සහ නිවැරදි බෞද්ධ භාවනා ක‍්‍රමයේ නියම වටිනා කම යන ග‍්‍රන්ථ වේ.

තම ගුරුවරයාගේ අභාවප‍්‍රාප්ත වීමේ ප‍්‍රවෘත්තිය ලැබෙන විට ගොඑන්කා තුමා ඉන්දියාවේ භාවනා වැඩ සටහනක් පවත්වමින් සිටියේය. එතුමා පහත සඳහන් පාලි ගාථාව සඳහන් කර බුරුමයේ  ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය වෙත විදුලි පුවතක් යැව්වේය.

අනිච්චා වත සංඛාරා
උප්පාද වය ධම්මිනො
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති
තේසං වූපසමො සුඛො

සියලූ සංස්කාරයෝ අනිත්‍යයහ,
ඇති වී නැති වී යන්නාහ,
ඒවා ඇති වී නිරුද්ධ වේ නම්
ඒ නිරුද්ධ වීමෙන් ප‍්‍රීතිය ගෙන දේ.

වසරකට පසුව ගොඑන්කාතුමා තම ගුරුවරයා පිළිබඳව ගුණ කථනයක් කරමින් මෙසේ ලීවේය:
’එතුමා අභාවප‍්‍රාප්ත වී වසරක් ගත වුවත් පාඨමාලාවල සාර්ථකත්වය දෙස බලන විට මට තව තවත් තහවුරු වන්නේ බොහෝ දෙනෙකුට සේවය කිරීම සඳහා එතුමාගේ මෛත‍්‍රිය මට ශක්තියත් උනන්දුවත් ගෙන දෙන බවයි. ධර්මයේ ශක්තිය ප‍්‍රමාණ කළ නොහැකි බව ඉතා පැහැදිලියි. සයාජී ගේ අභිලාෂයන් ඉෂ්ටවෙමින් පවතියි. ශත වර්ෂ ගණනාවක් තිස්සේ ඉතා සැලකිළිමත් ලෙස රැක ගෙන ආ බුදුරජාණන් වහන්සේ විසින් දෙසූ ධර්මය දැන් මේ මොහොතේත් ප‍්‍රතිඵල ගෙන දෙයි.

සයාජී ඌ බා ඛිං තුමා පිළිබඳ තවත් තොරතුරු ඡුරසහ්එඑස වෙබ් අඩවියෙන් ලබා ගත හැක.

No comments:

Post a Comment