Wednesday, December 12, 2012

විපස්සනා යනු කුමක්ද?

 
විපස්සනා භාවනාව


භාවනා ක්‍රමය

විපස්සනා, එනම් ඇති දෑ ඇතිසැටියෙන් දැකීම ඉන්දියාවෙහි ඉගැන්වෙන අති පැරණිම භාවනා ක්‍රමයකි. වසර දෙදහස් පන්සියයකට පෙර විපස්සනා භාවනාව නැවත සොයාගත් බුදුන් වහන්සේ  ජීවත් වීමේ කලාව  විශ්වීය රෝගයනට විශ්ව සාධාරණ ඔසුවක් ලෙස උන් වහන්සේ විසින්ම ඉගැන්විණ.
නිකායික නොවූ මෙම භාවනා ක්‍රමයෙන් මනසෙහි කෙලෙස් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස පූර්ණ විමුක්තියෙහි සුවය අපේක්ෂා කෙරෙයි. නීරෝගී භාවය, එනම් හුදෙක් රෝග සුව වීමම නොව මිනිසා පෙළන දුකෙන් මිදී සුව වීම එහි පරමාර්ථයයි.
විපස්සනා යනු ස්වයං නිරීක්ෂණය මගින් ස්වයං-පරිණාමණයකට පත්වීමේ මගයි.සිරුරෙහි ජීවය සකස් කරන කායික වේදනා වලට යොමු කරන සමාහිත සිහිය මගින් ඍජුවම අත්විඳිය හැකි වන, කය හා සිත අතර ඇති ගැඹුරු සම්බන්ධතාවයට මෙම ක්‍රමයෙන් අවධානය යොමු කෙරෙයි.
සිත සහ කයෙහි මූලය සොයායන නිරීක්ෂණමූලික වූත් ස්වයං ගවේශක වූත් සංචාරයෙහි ප්‍රතිඵලයක් ලෙස සිතෙහි අපිරිසිදුතාවයන් දිය වී යන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙත් කරුණා ගුණයෙන් පිරුණු සමබර මනසක් හිමිවෙයි.
කෙනෙකුගේ සිතුවිලි, හැඟීම්, තීරණ, සහ වේදනා ක්‍රියාත්මක කෙරෙන විද්‍යාත්මක නීති පැහැදිලි වෙයි. ඍජු අත්දැකීමක් හරහා කෙනෙකු දියුණුවෙන හෝ පිරිහෙන ආකාරයත්, දුක ඇති කරගන්නා ආකාරය හා දුකෙන් මිදෙන ආකාරය වැටහෙයි. ජීවිතය වැඩි වූ සිහිය, මුළාවෙන් තොර බව, ආත්ම දමනය හා සමාහිත බව යන ගුණාංග වලින් යුක්ත වෙයි.

පරපුර
බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිට වර්තමාන යුගය දක්වා අඛණ්ඩ ගුරු පරපුරක් මගින් විපස්සනා භාවනා ක්‍රමය පවත්වා ගෙන එනු ලැබේ. අවසාන ගුරුතුමා වූ එස්. එන්. ගොඑන්කා තුමා පෙළපතින් ඉන්දියන් ජාතිකයකු වුවත් ඉපිද වැඩුණේ මියංමාර් (බුරුම ) දේශයේය. එතුමා එහි ජීවත් වන කාලයේ දී, රජයේ උසස් නිලයක් දරමින් සිටි සයාගි ඌ බා කින් තුමාගෙන් විපස්සනා භාවනාව ඉගෙනීමේ මහඟු අවස්ථාවක් එතුමාට උදා විය. වසර 14 ක් තිස්සේ තම ගුරුතුමා යටතේ පුහුණුව ලත් ගොඑන්කා මහතා ඉන්දියාවේ පදිංචියට පැමිණ 1969 වසරේ සිට විපස්සනා භාවනාව ඉගැන්වීම ආරම්භ කළේය. එතැන් සිට පෙරදිග අපරදිග සියලූ ආගම්වලට අයත් සියලූ ජාතීන්ට අයත් දස දහස් සංඛ්‍යාත ජනතාවකට විපස්සනා භාවනාව උගන්වා ඇත. විපස්සනා භාවනා පාඨමාලා සඳහා ඉල්ලූම වැඩිවෙන්නට වූ නිසා 1982 වසරේ සිට එතුමාට සහාය වීම ස\හා සහායක ගුරුවරුන් පත් කිරීම ආරම්භ විය.


පාඨමාලා
දස දින නේවාසික පාඨමාලාවල උගන්වනු ලබන මෙම භාවනා පුහුණුවට සහභාගිවන්නන් නියමිත විනය නීති මාලාවක් අනුගමනය කරමින් භාවනා ක්‍රමය පිළිබඳව මූලික කරුණු හදාරමින් එහි ඵලදායි ප්‍රතිඵල අත්දැකීමට ප්‍රමාණවත් ලෙස ප්‍රගුණ කරති.

පාඨමාලාවේදී දැඩි උනන්දුවෙන් හා කැපවීමෙන් ක්‍රියා කිරීම අවශ්‍ය වේ.භාවනා පුහුණුව පියවර තුනකින් සමන්විතය. පළමු පියවර වන්නේ : පාඨමාලා කාලය තුල දී ප්‍රාණඝාතයෙන් වැළකී සිටීම, සොරකම් කිරීමෙන් වැළකී සිටිම, කාම යෙහි හැසිරීමෙන් වැළකී සිටිම, මුසාබස් කීමෙන් වැළකී සිටීම, සහ මත්පැන් - මත් ද්‍රව්‍යවලින් වැළකී සිටීම. මෙම සරල විනය නීති මාලාව සිත සන්සුන් කිරීමට ප්‍රයෝජනවත් වන්නේ කලබලකාරි සිතකින් ස්වයං නිරීක්ෂණය කිරීම කළ නොහැකි නිසාය.

දෙවන පියවර වන්නේ නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතින නාස් පුඩුවලින් ඇතුල් වන හුස්මෙහි සහ පිටවන හුස්මෙහි ස්වාභාවික සත්‍යතාවයට අවධානය යොමු කරමින් කිසියම් ප්‍රමාණයකට සිත පාලනය කර ගැනීමයි.

සිවු වන දිනය වන විට සිත වඩාත් සන්සුන් වේ, වඩාත් එකාග්රතාවයෙන් යුක්ත වේ. ශරීරය පුරාම සංවේදනාවන් නිරීක්ෂණය කරමින්,  ඒවායේ ස්වභාවය අවබෝධ කර ගනිමින්,  ඒවාට ප්‍රතික්‍රියා නොකර උපේක්ෂාව දියුණු කර ගනිමින්, විපස්සනා භාවනාව වැඩීමට ආරම්භ කිරීමට හැකි වේ.

අවසාන වශයෙන්, මෙම වැඩසටහනට සහභාගී වන සියලූ දෙනාටම අවසන් දිනයේදී මෛත්‍රී භාවනාව වැඩීමට ඉගෙන ගත හැකි වේ. එම අවස්ථාවේ දී, පාඨමාලා කාලය තුල දී වර්ධනය කර ගත් චිත්ත පාරිශුද්ධතාවය සියලූ සත්ත්වයන් වෙත අනුමෝදන් කරනු ලැබේ.

මේ මුලූ අභ්‍යාසයම ඇත්තවශයෙන්ම මානසික පුහුණුවකි. අපේ ශාරීරික නිරෝගී බව නංවාලීම සඳහා ව්‍යායාම කරන්නාක් මෙන් , මානසික නිරෝගී බව නංවාලීම සඳහා විපස්සනා භාවනාව උපයෝගී කර ගත හැක.

නියම වශයෙන්ම එය ප්‍රයෝජනවත් කියා සොයාගත් නිසා මෙම භාවනා ක්රමය සත්‍ය ස්වරූපයෙන්ම ආරක්ෂා කරගෙන යාමට විශේෂයෙන් අවධාරණය කෙරේ. එය උගන්වනු ලබන්නේ  වාණිජ අරමුණකින් තොරව, කිසිම අය කිරීමකින් තොරවය. මෙය ඉගැන්වීම සඳහා සම්බන්ධව සිටින කිසිම පුද්ගලයෙක් කිසිම ආකාරයක මූල්‍යමය හෝ ද්‍රව්‍යයමය ප්‍රතිලාභයක් නොලබයි.

පාඨමාලා සඳහා අය කිරීමක් නැත; ආහාර සහ නවාතැන් පහසුකම් වියහියදම් සඳහාවත් අය කිරීමක් නොකෙරේ. විපස්සනා භාවනා පාඨමාලාවක් සම්පූර්ණ කර විපස්සනාවෙන් ප්‍රයෝජන ලබා, තමන්ට ලැබුණු ඵල ප්‍රයෝජන ලැබීමට අනික් අයටත් අවස්ථාව උදාවේවා’ යන චේතනාවෙන් ඒ අය විසින් කරන ලද පරිත්යාගවලින් පාඨමාලා වියහියදම් ආවරණය කෙරේ.

ඇත්තවශයෙන්ම, ප්රගුණ කිරීම පවත්වා ගෙන යාමෙන් අනුක්‍රමිකව මෙහි ප්රතිඵල ලැබේ. දින දහයක් තුලදී සියලූ ප්‍රශ්න විසඳී යනු ඇතැයි බලාපොරොත්තු වීම යථාර්තවාදී නොවේ. කෙසේ වුවත් එම කාලය තුලදී විපස්සනාවේ අත්‍යවශ්‍ය කරුණු ඉගෙන ගත හැකි වේ. එය දෛනික ජීවිතයේදී ප්‍රයෝජනවත් වේ. භාවනා ක්රමය වැඩි වැඩියෙන් වඩන්නේ නම් එ් තරමට දුකින් මිදිමත්, අවසානයේදී ක්‍රමක්‍රමයෙන් පූර්ණ විමුක්තිය කරා ළඟා වීමත් සිදු වේ. දින දහයක භාවනාවෙන් පවා ලැබෙන ප්‍රතිඵල එදිනෙදා ජීවිතයට පැහැදිලි ලෙසම ප්‍රයෝජනවත් වේ.

මෙම භාවනා ක්‍රමයේ ක්‍රියාකාරිත්වය තමන් විසින්ම අවබෝධ කර ගැනීමටත් එහි ප්‍රයෝජනය ගැන තීරණය කිරීමට අවංකව කැමති සියලූ දෙනාට පාඨමාලාවට සම්බන්ධවීමට ආරාධනා කරමු . මේ සඳහා ප්‍රයත්න දරණ සියලූ දෙනාට විපස්සනා පුහුණුවෙන් නියම සතුට උදාකර ගෙන අනික් අයත් සමඟ බෙදා ගත හැකි ක්රමයක් බව දැන ගන්නට ලැබේවි.


ඉල්ලූම් පතක් පුරවා එය යොමු කිරීමෙන් ඔබට විපස්සනා භාවනා පාඨමාලාවකට සහභාගිවීමට හැක. 

ශ්‍රී ලංකාවේ විපස්සනා භාවනා මධ්‍යස්ථාන වලින් එකකට පැමිණීමෙන් හෝ
දුරකථන ඇමතුමක් මගින් ඔබේ ලිපිනය ලබා දීමෙන් හෝ
ලිපියකින් ඉල්ලුම් කිරීමෙන් ඉල්ලුම්පතක් ගෙන්වාගන්න.


පාඨමාලා දින සටහන



No comments:

Post a Comment